මහවැව අනතුර සමග ගුණසේකර බස් ගැන විවේචන

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

මහවැව අනතුර සමග ගුණසේකර බස් ගැන විවේචන

- Hallo sahabat Download So Free, Download Software Gratis, Pada Artikel kali ini mudah-mudahan membantu anda, artikel ini berjudul මහවැව අනතුර සමග ගුණසේකර බස් ගැන විවේචන, kami telah membuat artikel ini dengan baik dan mudah di pahami untuk anda baca sebagai informasi didalamnya juga yang terpenting semoga bermanfaat. mudah-mudahan isi postingan Artikel Trending, yang kami tulis ini dapat dengan anda pahami. baiklah, selamat membaca.

Judul : මහවැව අනතුර සමග ගුණසේකර බස් ගැන විවේචන
link : මහවැව අනතුර සමග ගුණසේකර බස් ගැන විවේචන

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Baca juga


මහවැව අනතුර සමග ගුණසේකර බස් ගැන විවේචන

 මහවැව අනතුර සමග ගුණසේකර බස් ගැන විවේචන
දිගින්දිගටම සිදුවන හදිසි අනතුරු නිසා මහාමාර්ගයේ ගමන් කිරීම වැඩි ජීවිත අවදානමක් සහිත කටයුත්තක් බවට අද පත්ව තිබේ. ඊයේ මාරවිල මහවැව හංදිය ආසන්නයේදී සිදුවූ බස් අනතුර නිසා ජීවිත 3 ක් අහිමිවූ අතර තවමත් පිරිසක් තුවාල ලබා රෝහලේය.
මේ වන විට පොලිස් අත්අඩංගුව යටතේ බස් රථ රියදුරු  ප්‍රතිකාර ලබන අතර ඔහු පවසා ඇත්තේ
තමා ඊයේ තාවකාලිකව එම බස් රථය පැදවූ බවත් එම බසය පදවන කෙනා ඊයේ නිවාඩු නිසා තමන් සේවය කරන  ඩී එස් ගුණසේකර ආයතනය තමාව එම ගමනට යෙදවූ බවත්ය. වවුනියාවේ සිට කොළඹ බලා ගමන් කරමින් සිටි මෙම බස් රථයේ 70 ක් පමණ සිටි බවත් වේගයෙන් පදවමින් සිටියදී කන්ටේනරයක හැපෙන්නට ගිය නිසා පැත්තට කැපූ අවස්ථාවේ මේ අනතුර සිදුවූ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

බස් රථය හැපුණ වේගය නිසා වෙළෙඳ සලක් අසළ තිබුණ ට්‍රාන්ස්ෆෝමරය විදුලි කණු 4ක්ද සමග කඩා වැටී තිබූ අතර එ්වාට හිරවුණ අය හා බස් බොඩිය තැලීම් නිසා සිරුරු සිරවුණ අය තුවාල ලබා හෝ ජීවිතක්ෂයට පත්වීම වාර්තා විය. ට්‍රාන්ස්ෆෝමරය හැපුණ විගස එහි විදුලිය විසන්ධිවී පළාතටම විදුලිය ඇණ හිටින ලදි.


විදුලිය නිසා බසයේ සිටි අයට හානියක් නොවීම හෝ එමගින් ගින්නක් ඇති නොවීම වාසනාවකි.
සිද්ධියෙන් 3 දෙනෙකු මිය ගිය අතර පුද්ගලයින් 19දෙනෙකු තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය තිදෙනා 40 ,45 සහ 60 හැවිරිදි පිරිමි පුද්ගලයින් තිදෙනෙකි. 60 හැවිරිදි තැනැත්තා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ප්‍රකාශ් චන්ද්‍ර නමැති ශ්‍රී ලංකිකයෙකි.

මහබුලන්කුලමල අනුරාධපුරයේ පදිංචි 33 හැවිරිදි සුජීව කුමාර තෙන්නකෝන් නමැති රියදුරුගේ හිසට හා දෙපාවලට තුවාල සිදුව ඇත. ඔහු තවම ප්‍රතිකාර ලබන අතර බස් රථ අනතුරින් පසු කොන්දොස්තරවරයා ආගිය අතක් නැත.

අනතුරින් පසු අන්තර්ජාලය තුළ මෙම අනතුරු ගැන විවිධ කථාබස් ඇති විය. එක් අදහසකින් කියැවුනේ ශ්‍රී ලංකාව පුරාම විවිධ පැතිවල යොදවා තිබෙන ඩී එස් ගුණසේකර බස් සම්බන්ධ විවේචනයකි.
මෙම ආයතනයට

අයත් බස් අධික වේගයකින් ගමන් කිරීමට හේතුව නිසි වේලාවට බස් රථය නොගියොත් ආයතනයේ දෝෂදර්ශනයට ලක්වීම බවත් එයට දඩුවම් ලැබෙන ක්‍රමවේදයක් එම ආයතනය තුළ පවතින බවත්ය.

මේ නිසා එකම අරමුණ ටයිමින් තියාගන්න එක බවත් මේ හේතුව නිසාම කිසිම මාර්ග නීතියක් මායිම් නොකර බස් රථ ධාවනයට ඔවුන් හුරුව ඇති බවත් පැවසිණි. ප්‍රධාන කාර්යාලය පිහිටි අනුරාධපුරේ සිට කොළඹට මේ කියන  බස් සමාගමෙ කෙනෙකු නිතිපතා දඩ බේරාගැනීම සඳහා එවන බවද එම විවේචනයේදී කියා තිබේ.
 ආයතනයට දඩ වැදීම සාමාන්‍ය බවත් එම තැනැත්තා රාජකාරී වශයෙන් කරන්නේ ආයතනයේ එම කොටස ගෙවා දැමීම බවත් වාර්තා වී තිබේ.

මේ පාරේ මෙවැනි අනතුරු නිතර සිදුවන බවත් හලාවතින් පසු බස් යන්නේ 100 පැනල බවත් පාන්දරට හලාවත පාරේ පොලිසියේ කිසිවෙකු මේ ගැන සොයා නොබලන බවත් තවත් විවේචනයකි.

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dan Link Download akan terbuka



Demikianlah Artikel මහවැව අනතුර සමග ගුණසේකර බස් ගැන විවේචන

Jangan lupa juga untuk klik iklan berikut untuk terus mendukung keberlangsungan blog ini, Sekian artikel මහවැව අනතුර සමග ගුණසේකර බස් ගැන විවේචන kali ini, mudah-mudahan bisa memberi informasi dan manfaat untuk anda semua. baiklah, jangan lupa komentar dibawah, beri masukan untuk kami supaya kami tetap semangat dan terus berkarya, sampai jumpa di postingan artikel lainnya.

Anda sekarang membaca artikel මහවැව අනතුර සමග ගුණසේකර බස් ගැන විවේචන dengan alamat link https://www.download-sofree.com/2018/11/blog-post_78.html

0 Response to "මහවැව අනතුර සමග ගුණසේකර බස් ගැන විවේචන"

Posting Komentar