කරදර හිරිහැර දරාගන්න බැරිය කියා ගාල්ලේ නාවික සෙබළිය එල්ලී මැරිලා

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

කරදර හිරිහැර දරාගන්න බැරිය කියා ගාල්ලේ නාවික සෙබළිය එල්ලී මැරිලා

- Hallo sahabat Download So Free, Download Software Gratis, Pada Artikel kali ini mudah-mudahan membantu anda, artikel ini berjudul කරදර හිරිහැර දරාගන්න බැරිය කියා ගාල්ලේ නාවික සෙබළිය එල්ලී මැරිලා, kami telah membuat artikel ini dengan baik dan mudah di pahami untuk anda baca sebagai informasi didalamnya juga yang terpenting semoga bermanfaat. mudah-mudahan isi postingan Artikel News, Artikel Side, yang kami tulis ini dapat dengan anda pahami. baiklah, selamat membaca.

Judul : කරදර හිරිහැර දරාගන්න බැරිය කියා ගාල්ලේ නාවික සෙබළිය එල්ලී මැරිලා
link : කරදර හිරිහැර දරාගන්න බැරිය කියා ගාල්ලේ නාවික සෙබළිය එල්ලී මැරිලා

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Baca juga


කරදර හිරිහැර දරාගන්න බැරිය කියා ගාල්ලේ නාවික සෙබළිය එල්ලී මැරිලා

ගාල්ල, දක්ෂිණ නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික හමුදා සෙබළියක් නිවාඩු ලබා පැමිණ සිය නාවික හමුදා කඳවුරේම සේවය කරන තවත් නාවික හමුදා සෙබළියකගෙන් සිදුවන කරදර ඉවසීමට නොහැකිවීම
නිසා දිවි නසා ගන්නා බවට ලිපියක් ලියා තබා සිකුරාදා (15දා) සවස සිය දිවි හානිකර ගෙන තිබේ. මෙසේ සිය දිවි හානිකර ගෙන ඇත්තේ නො. 175/බී, පන්සල අසල, මහවිල, හඹුරුගල ලිපිනයේ පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ අයේෂා සෞවන්දි (22) නමැති තරුණියකි. ඇය ගාල්ල, දක්ෂිණ නාවික හමුදා කඳවුරේ කාන්තා නැවි, ඩබ්ලිව්. ආර්. 1151180 යටතේ සේවය කළ අයකු බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය හඹුරුගල, ඇතුන්දාගොඩ කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක එම්.ඩී. සුනිල් ශාන්ත මහතා
විසින් සිකුරාදා (15දා) සිද්ධිය වූ ස්ථානයේදී පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (16දා) ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි පී.කේ.එස්. සිරිවර්ධන මහතා විසින් ඇල්පිටිය මූලික රෝහලේදී පවත්වන ලදී. සිද්ධිය වූ දින උදෑසන මියගිය තරුණියගේ මව, බෙන්තොට ඉලස්ටෝ ආයතනයේ රැකියාවට ගොස් ඇති අතර පියා පෙ.ව. 10.00 ට පමණ ඇලකාක මහ විද්‍යාලයේ පැවැත්වෙන රැස්වීමකට සහභාගි වීම සඳහා පිටත්ව ගොස් ඇත.

පියා නැවත නිවෙසට පැමිණ ඇත්තේ එදින ප.ව. 1.30ට පමණය. එවිට සිය දියණිය ඇයගේ නිදන කාමරයේ සාරියකින් ගෙල වැලලාගෙන සිටින අයුරු දැක තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. සියදිවි හානි කර ගත් තරුණිය ඇඳ මත ඇය විසින්ම ලියා තබන ලද ලිපියක් ඌරගස්මංහන්දිය පොලිසිය විසින් සොයාගෙන තිබේ. ගාල්ල, දක්ෂිණ නාවික හමුදා කඳවුරේ සේවය කරන මධුභාෂිණී නමැති අයගේ කරදර, හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව මෙම තීරණය ගත් බව එම ලිපියේ සඳහන් වේ.

තමා නිවාඩු ලැබ නිවෙසට පැමිණීමට සූදානම් වෙද්දී 'උඹ නිවාඩු ගිහින් වරෙන්කෝ, ඊට පස්සේ මම හදල ගන්නම්' යනුවෙන් මධුභාෂිණී පැවැසූ බවත් නිවාඩු අවසන්
වෙද්දී නැවත කඳවුරට යෑමට ඇති බිය නිසා මේ තීරණය ගත් බවත් ඇය විසින් ලියන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. මියගිය සෞවන්දි නිවාඩු ලැබ නිවෙසට පැමිණ ඇත්තේ පසුගිය පෙබරවාරි මස 6 දින පෙ.ව. 7.30ට පමණය. ඇයට 2019.02.16 දින දක්වා නිවාඩු ලබාදී ඇත. ඇය නැවත කඳවුරට යා යුතුව තිබී ඇත්තේ ඊයේ (17දා) දිනයේදීය. ඇය 15දා සවස සිය දිවි නසා ගෙන තිබෙන බවද ඌරගස්මංහන්දිය පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වූ වාර්තාව ලබන බදාදා (20දා) ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඒ මඟින් මධුභාෂිනී නමැති අයගේ දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් ඌරගස්මංහන්දිය පොලිසිය කියයි. සැබෑ ලෙසම සිය දිවි නසා ගැනීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් පැති කීපයක්ම ඔස්සේ පරීක්ෂණ සිදු කරන බවද ඌරගස්මංහන්දිය පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති හරිත් හල්විට මහතාගේ මෙහෙයවීම මත පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිත් ජයන්ත, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී.එම්. ඉරාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

-දම්සරී ලියනගේ-

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dan Link Download akan terbuka



Demikianlah Artikel කරදර හිරිහැර දරාගන්න බැරිය කියා ගාල්ලේ නාවික සෙබළිය එල්ලී මැරිලා

Jangan lupa juga untuk klik iklan berikut untuk terus mendukung keberlangsungan blog ini, Sekian artikel කරදර හිරිහැර දරාගන්න බැරිය කියා ගාල්ලේ නාවික සෙබළිය එල්ලී මැරිලා kali ini, mudah-mudahan bisa memberi informasi dan manfaat untuk anda semua. baiklah, jangan lupa komentar dibawah, beri masukan untuk kami supaya kami tetap semangat dan terus berkarya, sampai jumpa di postingan artikel lainnya.

Anda sekarang membaca artikel කරදර හිරිහැර දරාගන්න බැරිය කියා ගාල්ලේ නාවික සෙබළිය එල්ලී මැරිලා dengan alamat link https://www.download-sofree.com/2018/11/blog-post_48.html

0 Response to "කරදර හිරිහැර දරාගන්න බැරිය කියා ගාල්ලේ නාවික සෙබළිය එල්ලී මැරිලා"

Posting Komentar