රනිල්ගේ මන්ත්‍රි ධුරයට එරෙහි පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරුවරිය ඉවත් වෙයි

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

රනිල්ගේ මන්ත්‍රි ධුරයට එරෙහි පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරුවරිය ඉවත් වෙයි

- Hallo sahabat Download So Free, Download Software Gratis, Pada Artikel kali ini mudah-mudahan membantu anda, artikel ini berjudul රනිල්ගේ මන්ත්‍රි ධුරයට එරෙහි පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරුවරිය ඉවත් වෙයි, kami telah membuat artikel ini dengan baik dan mudah di pahami untuk anda baca sebagai informasi didalamnya juga yang terpenting semoga bermanfaat. mudah-mudahan isi postingan Artikel News, Artikel Side, yang kami tulis ini dapat dengan anda pahami. baiklah, selamat membaca.

Judul : රනිල්ගේ මන්ත්‍රි ධුරයට එරෙහි පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරුවරිය ඉවත් වෙයි
link : රනිල්ගේ මන්ත්‍රි ධුරයට එරෙහි පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරුවරිය ඉවත් වෙයි

Klik Iklan dibawah ini dan Link Download akan terbuka

Baca juga


රනිල්ගේ මන්ත්‍රි ධුරයට එරෙහි පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරුවරිය ඉවත් වෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ නීති විරෝධී ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙහි රැඳී සිටින හෙයින් ඔහු එකී ධුරයෙන් නෙරපා හැරීමේ "ක්වෝ වොරන්ටෝ" ආඥාවක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඉදිරිපත් කොට ඇති
'රිට්' පෙත්සම් විභාගයෙන් තමා ඉවත් වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරිය ඊයේ (31දා) දන්වා සිටීම මත එකී නඩු විභාගය අද (01දා) දිනය දක්වා කල් තැබිණි.

මෙම "ක්වෝ වොරන්ටෝ" රිට් පෙත්සම ප්‍රථම වරට ඉකුත් 22 වැනි දින කැඳවා තිබූ අතර, එදිනද එකී විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානත්වය දැරීමට නියමිතව සිටි වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර විනිසුරුවරිය විනිශ්චයාසනාරූඪ නොවූයෙන් සෙසු විනිසුරුවරයා වූ අර්ජුන ඔබේසේකර මහතා පෙත්සම මෙලෙස ඊයේ (31දා) දිනයට කැඳවීමට දින නියම කරනු ලැබීය.

ඊයේ සභාපති විනිසුරුවරියගේ ප්‍රධානත්වයෙන් ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය විනිශ්චයාසනාරූඪ වූ අතර එහිදී තමන් මෙකී පෙත්සම් විභාගයෙන් ඉවත්වන බැව් සභාපති විනිසුරුවරිය ප්‍රකාශ කර සිටියාය. ඉකුත් ජනවාරි මස 15 වැනි දින කොළඹ 7 ඇල්බට් චන්ද්‍රවංකයේ 30/02 හි පදිංචි කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරියක වන ෂාමිලා රොවිනා ජයවර්ධන ගෝනවල විසින් මෙම 'ක්වෝ වොරන්ටෝ' රිට් පෙත්සම ගොනුකරනු ලැබීය. එමඟින් අගමැති රනිල් වික්‍රමසිංහ පළමුවැනි වගඋත්තරකරු ලෙසත්, එජාප මහ ලේකම්වරයා දෙවැනි වගඋත්තරකරු ලෙසත්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා තෙවැනි වගඋත්තරකරු ලෙසත්, ලංකා බැංකුව හා මහජන බැංකුව සිවුවැනි හා පස්වැනි වගඋත්තරකරුවන් ලෙසත් නම් කොට ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් දැරීමත්, එකී මන්ත්‍රි ධුරය හරහා පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහභාගි වීමත්, අගමැති ධුරය හා තවත් අමාත්‍ය ධුරයක් දැරීම හා ඒවායෙහි කටයුතු කිරීමත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 (2) වගන්තිය ප්‍රකාරව සහමුලින්ම නීති විරෝධී මෙන්ම ව්‍යවස්ථා විරෝධී බැව් මෙම පෙත්සමෙන් පෙන්වා දී ඇති අතර, එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමටත් පෙර ප්‍රථම විමසුමේදීම අතුරු සහන නියෝගයක් ලෙස 'ක්වෝ වොරන්ටෝ' රිට් ආඥාවක් මඟින් ඔහු එලෙස කටයුතු කිරීම නඩු විභාගය නිමවා තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු අත්හිටුවන ලෙස ඉල්ලා සිටී.

90 (2) වගන්තිය අනුව රජය හෝ රජයේ අනුබද්ධිත
ආයතනයක් හෝ සමඟ කුමන ආකාරයක හෝ ලාභ ලබන ව්‍යාපාර කටයුත්තක යෙදෙන හෝ එලෙස ක්‍රියා කරනු ලබන ආයතනයක යම් බලයක් හෝ නිලයක් දරන හෝ හිමිකාරිත්වයක් දරන අයකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු වශයෙන් තේරී පත්වීමට හෝ එම ධුරය දැරීමට හෝ නොහැකි බවත්, එහෙත් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය අනුබද්ධිත ආයතනයන් වන ලංකා බැංකුව හා මහජන බැංකුවට සේවා සැපයීමෙන් විශාල වශයෙන් ලාභ උපයන සමාගමක හිමිකාරත්වය දරන්නකු බවත් පෙත්සම්කාරිය කියා සිටී.

2002 සිට 2006 දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාවේ එජාප නාගරික මන්ත්‍රිවරියක වශයෙන් කටයුතු කොට ඇති පෙත්සම්කාරිය, එම කාල වකවානුව තුළත් එකී මහ නගර සභාවේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිවරියක්ව මේ වනතුරුත් කටයුතු කරමින් සිටින කාලවකවානුව තුළත්, ඉතා පැහැදිලිවම දන්නා පරිදිත් සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගෙන් ලබා ගන්නා ලද සහතික කළ ලේඛනයන්ට අනුවත්, ලංකා බැංකුව හා මහජන බැංකුව වෙතින් තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ලබාගන්නා ලද ලිඛිත තොරතුරු අනුවත්, රනිල් වික්‍රමසිංහ කොටස් 38,964ක් හිමිකාරිත්වය දරන "සීමාසහිත ලේක්හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස්" සමාගමේ ප්‍රධාන කොටස්කරුවකු වන අතර ඔහු වාර්ෂිකව එමඟින් ලාභාංශ හිමිකරගන්නා පුද්ගලයකුද වශයෙන් තමා දැන දැනම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී ලෙස මෙම මන්ත්‍රි ධුරය දරමින් සිටින බවත් ප්‍රකාශ කර සිටී. ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

-කමල් මහේන්ද්‍ර වීරරත්න-

DOWNLOAD FILE DIBAWAH INI

Klik Iklan dan Link Download akan terbuka



Demikianlah Artikel රනිල්ගේ මන්ත්‍රි ධුරයට එරෙහි පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරුවරිය ඉවත් වෙයි

Jangan lupa juga untuk klik iklan berikut untuk terus mendukung keberlangsungan blog ini, Sekian artikel රනිල්ගේ මන්ත්‍රි ධුරයට එරෙහි පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරුවරිය ඉවත් වෙයි kali ini, mudah-mudahan bisa memberi informasi dan manfaat untuk anda semua. baiklah, jangan lupa komentar dibawah, beri masukan untuk kami supaya kami tetap semangat dan terus berkarya, sampai jumpa di postingan artikel lainnya.

Anda sekarang membaca artikel රනිල්ගේ මන්ත්‍රි ධුරයට එරෙහි පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරුවරිය ඉවත් වෙයි dengan alamat link https://www.download-sofree.com/2018/11/blog-post_406.html

0 Response to "රනිල්ගේ මන්ත්‍රි ධුරයට එරෙහි පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරුවරිය ඉවත් වෙයි"

Posting Komentar